Monday, May 6, 2024

General line - 0115112241

මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න - මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්වී ඇති රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් ලබාදීමට සුදුසු නීතිමය පියවරක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.

මැතිවරණය කල්යාම හරහා වැටුප් නොගෙවීම හේතුවෙන් එම රාජ්‍ය සේවක අපේක්ෂකයින්ට තම ජීවිකාව ගෙනයාම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

මීට පෙරද මෙවැනි මැතිවරණවලදී නීතිමය හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණදුන් අවස්ථාවේදී රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් සහ රාජකාරි කටයුතු ආවරණය කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගෙන තිබෙනවා.

මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවක අපේක්ෂකයින් මුහුණදෙන අර්බුදකාරී තත්ත්වයට රජය ලබාදෙන පිළිතුර කුමක්ද යන්න පිළිබඳව තමන් අපේක්ෂාවෙන් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.