Monday, May 6, 2024

General line - 0115112241

දුම්කොළ සමාගම් වලට බදු වැඩි කළ යුතු බවට යෝජනාවක්




දුම්කොළ සමාගම් සඳහා සියයට 75 ක බදු පැනවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රතිචාර දැක්වූ අතර එහිදී විපක්ෂ නායකවරයා ද අදහස් දැක්වීමට එක්වුණා.

මේ, විවාදයට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවයි ඉන් අනතුරුව විවාදයට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.