Monday, May 6, 2024

General line - 0115112241

IMF ණය රට ගොඩගන්න ඇතිද ? විද්වතුන් කතා කරයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන ණය පහසුකම රටට ඩොලර් උපයන ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා උපයෝගී කර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ඒ සඳහා ආර්ථිකය ප්‍රසාරණය කිරීමට පියවර ගත යුතු බවයි. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හිමිවීම සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය දෙවන දිනටත් අද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වනවා.