Sunday, May 5, 2024

General line - 0115112241

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි




බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර 50කට වැඩි තද වැසි ඇති විය හැකිබවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ  සඳහන් වනවා.