Friday, April 26, 2024

General line - 0115112241

යල කන්නයේ වගාකරන ගොවීන්ට මුදල්




යල කන්නයේදී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත් ඊට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවත් අමාත්‍යවරයා කියාසිටියා. 

අලුත් සහල් මංගල්‍යය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් සහල් එක්රැස් කිරීමට ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළකළා.