Friday, April 19, 2024

General line - 0115112241

අඩු ආදායම්ලාභී පවුල් 299කට වියළි ආහාර සළාක බෙදා දෙයි




පානදුර පරත්ත ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් 299කට වියළි ආහාර සළාක බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය ශාන්තිපුර වජිර හිමියන්.

මේ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සියලු බන්ධනාගාරවලදී අද සිදු වුණා.

එහිදී දරුවන් 4,123 දෙනෙකුට අභ්‍යාස පොත් ප්‍රධානය කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 12යි දශම 5ක්.