Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිවන අයට අධිකරණ ඇමතිගේ සහය




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳ ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. එ

වැනි පාර්ශව සඳහා නීතීඥ සහය ලබා දීමටද ආණ්ඩුව සූදානම් බවයි මහනුවරදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ. 

එහිදී මාධඡ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර එම පනතට එරෙහිව අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේදී අද නිහඬ විරෝධතාවක් පැවැත්වුවා. මේ, ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අරගලයේ ක්‍රියාකාරී සාමාජික ගැමුණු පෙරේරා. 

කෙසේ වෙතත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. 
කමල් සුරවීර