Friday, April 19, 2024

General line - 0115112241

සුපිරි ඕවරය දක්වා ඇදීගිය විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට 




සුපිරි ඕවරය දක්වා ඇදීගිය නවසීලන්තය සමග පැවති පළමු විස්සයි 20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා. තරගයේ ලකුණු සම වීමෙන් පසු යවන ලද සුපිරි ඕවරය දක්වා තරගය දක්වා තරගය ඇදීගියා. 

නවසීලන්තය සිය සුපිරි ඕවරයේදී කඩුලු 02ක් දැවී ලකුණු 08ක් රැස් කර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව පන්දු 03කදී කිසිවෙකුත් නොදැවී ලකුණු 12ක් ලබා ගනිමින් තරගය ජය ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනු නවසීලන්ත පිලේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 196ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 53ක් රැස් කරනු ලැබුවා. 2021 වසරේ දී ආබාධයකට ලක්වීමෙන් පසු කුසල් ජනිත් පළමු වරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ අදවීම ද විශේෂත්වයක්.

චරිත් අසලංක පන්දු 41කදී ලකුණු 67ක් රැස් කර ගනු ලැබූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළා. වනිදු හසරංග නොදැවී ලකුණු 21යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් රැස් කර ගනු ලැබුවා. ඩැරල් මිචෙල් ලකුණු 66, මාර්ක් චැප්මන් ලකුණු 33ක්, රචින් රවින්ද්‍ර ලකුණු 26ක් රැස් කරනු ලැබුවා.