Thursday, January 30, 2025

General line - 0115112241

අවුරුදු සමයේ ගුණාත්මක ආහාර ලබාදීම ගැන වෙළඳසැල් හදිසි පරීක්ෂාවට




හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ වෙළඳසැල් හිමියන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

ආහාර  සැකසුම් ආයතන සම්බන්ධයෙන් සිදු කළ හදිසි වැටලීමකදී එම නීතිමය කටයුතු සිදුක බවයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීවරයා සඳහන් කළේ.

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පාරිභෝගිකයාට ගුණාත්මක ආහාර පාන ලබා දීමට කටයුතු කිරීමට මඟ පෙන්වීමක් ලෙස මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් හොරණ ප්‍රධාන නගරය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක බල ප්‍රදේශ 11ක ආහාරපාන අලෙවි සැල් 100කට ආසන්න ප්‍රමාණයක් හදිසි පරීක්ෂාවට ලක්කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.