Thursday, May 2, 2024

General line - 0115112241

අධික උණුසුම් කාලගුණය මැයි මාසය අවසන් වන තෙක්




පවතින අධික උණුසුම් කාලගුණය මැයි මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ දිවයින හරහා ස්ථාපිත වූ සුළං රටාවක් මේ දිනවල නොමැති බැවින් සිරුරට දැනෙන උණුසුම වැඩිවී ඇති බවයි.  


පෙර වර්ෂවලට වඩා මෙම වසරේ සිරුරට දැනෙන උණුසුම වැඩිවීමට බලපා ඇති හේතු පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා. 


මෙවැනි උණුසුම් කාලසීමාවකදී වැඩි වශයෙන් ජලය පානය කිරීම සහ දිවා කාලයේදී සූර්ය ආලෝකයට නිරාවරණය නොවී සිටීම වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති බලපිටිය පැවසුවේ.