ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 5 ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 192 ක්. එහිදී කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 64 ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් ඇතුළත් වුණා. ඉෂාන් කිෂාන් ලකුණු 38 ක් සහ ටිලක් වර්මා ලකුණු 37 ක් රැස් කළා. නායක රෝහිත් ශර්මා දැවී ගියේ ලකුණු 28 ක් රැස් කර සිටියදීයි. පන්දු යැවීමේදී මාර්කෝ ජන්සන් කඬුලු දෙකක් බිඳ හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 193 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 178 ක් පමණයි. මයන්ක් අග්‍රවාල් ලකුණු 48 යි.
පන්දු යැවීමේදී ජේසන් බැරන්ඩෝෆ්, රයිලි මැරඩත් සහ පියුෂ් චව්ලා ප්‍රතිවාදී කඬුලු දෙක බැඟින් දවා ගත්තා. නොදැවී ලකුණු 64 ක් සහ එක් කඬුල්ලක් දවාගත් කැමරන් ග්‍රීන් තරඟයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවා.