Monday, November 25, 2024

General line - 0115112241

අමාත්‍යාංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ




අමාත්‍යාංශ දෙකක නව ලේකම්වරු පත් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්. 

ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කර ඇත්තේ මලර්මතී ගංගාධරන් මහත්මියයි. 

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනාට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පිරිනැමූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.