ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ලකුණු සටහනේ 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, සන්රයිසර්ස් හයිද්‍රාබාත් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 7කින් ජය ගනිමින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 134ක්.
අභිෂේක් ශර්මා ලකුණු 34යි. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ජයග්‍රාහී ලකුණු 135ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින් තරඟය ජය ගනු ලැබුවා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. පන්දු 57කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට එක් 6යේ පහරක් සහ 4රේ පහර 12ක් ඇතුළත් වුණා. රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 35යි.
පන්දු යැවීමේදී මයන්ක් මර්කන්ඩේ ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනු ලැබුවා.
ඒ අනුව, ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ලකුණු සටහනේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේවනවිට 3වන ස්ථානයේ රැඳී සිටින්නේ තරඟ 6කට මුහුණ දී තරඟ 4ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8ක් හිමිකර ගනිමින්.
එම ලකුණු සටහනේ ලක්නවු සුපර් ජයන්ස් කණ්ඩායම දෙවන ස්ථානයේ සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමු ස්ථානයේ රැඳී සිටින්නේද තරඟ 4 බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා ගෙන සිටීමද විශේෂත්වයක්.