Monday, May 6, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු කළ අසත්‍ය ප්‍රකාශයක් ගැන CIDය විමර්ශන අරඹයි




සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වීඩියෝවක් හරහා සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු සහ රජයේ අධි නීතීඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලක් මතයි.

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ අනතුරට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ ප්ලාස්ටික් ප්ලේට් මඟින් මෙරට සමුද්‍ර කලාපයට සිදු වූ පරිසර හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු  පැවරීමේ කාර්යයට උපදෙස් ලබා දීමේදී එම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සහ රජයේ අධි නීතීඥවරිය ඔවුන්ගේ පෞද්ගලික වාසි සඳහා කටයුතු කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයා සිය වීඩියෝවේ සඳහන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.