Monday, May 6, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් කෝකිල වසන්තය හිඟුරක්ගොඩදී අති සාර්ථකව අවසන් - දස දෙසින් පැමිණි ජනතාවගෙන් පැසසුම්




හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ ඊයේ දවස පුරා පැවති “නෙත් එෆ් එම් කෝකිල වසන්තය” අති සාර්ථකව අවසන් වුණා. පාපැදි තරඟය සහ මැරතන් ධාවන තරඟයත් සමඟ “නෙත් එෆ් එම් කෝකිල වසන්තය” ආරම්භ වුණේ ඊයේ පෙරවරුවේදීයි.

එම අවස්ථාවේ සිට ජන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසක් ඊයේ සන්ධ්‍යා කාලය දක්වාම පැවැත්වුණු අතර එම තරඟ සඳහා ප්‍රදේශයේ ජනතාව එක් වූයේ මහත් උනන්දුවෙන්. දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින්ද නෙත් ශ්‍රාවකයින් කුඩා ළමුන්ද සමඟ “නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ නවමු අත්දැකීම් ලබා ගැනිමට හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයට පැමිණ සිටිම විශේෂත්වයක්.

එලෙස පැමිණි කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

“නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ” අවුරුදු කුමරිය තේරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. එහිදී 2023 “නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ” අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳි ලක්ෂ්මි දෙව්මිණි සහ තරගයේ දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගත් තරගකාරිනියන් මෙලෙස අදහස් පළ කළා. 

ඉන් අනතුරුව ගායක ගායිකාවන් පිරිවරා සීදූව බ්‍රාවෝ සංගීතයෙන් හැඩ වූ සංගිත ප්‍රසංගය ආරම්භ වුණා. ඊයේ මැදියම් රැය ද ඉක්මවා පැවති එම සංගිත ප්‍රසංගය සඳහා වයස් භේදයකින් තොරව විශාල පිරිසක් එක්ව සිටියා. 

නෙත් එෆ් එම් කෝකිල වසන්තය සඳහා මංචි බිස්කට්, ලංකා සෝයි,  සමපෝෂ, සෞභාග්‍යා සමූපකාර බැංකුව හා ඉමාෂි පබ්ලිකේෂන් අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබුවා.