Monday, May 6, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට වන්දි ලබාගැනීම සඳහා වූ අවසන් වාර්තාව ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුවට




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා වූ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබන සතියේදී භාර දෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපති අසේල රැකව නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ සිය අධිකාරිය විසින් මීට පෙර වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළද එහි පැවති අඩුපාඩු සකස් කර යළි වාර්තාවක් ලබා දෙන බවයි. 

සිය වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිමෙන් අනතුරුව වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට අවස්ථාව ලැබෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල රැකව.

කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් ඊයේ කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම සඳහා මෙරටදී නඩු පැවරීමට අවස්ථාව පවතින බවයි. 

එවන් පසුබිමක් තුළ සිංගප්පූරුවේදී වන්දි ලබා ගැනීම සඳහා වූ නඩුව පැවරීමෙන් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දිමට සිදු විය හැකි බවද ඇය පෙන්වා දුන්නා.