Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අයර්ලන්ත පිතිකරුවන් හිස ඔසවයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවන විට ප්‍රබල ස්ථානයක් කරා පැමිණීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, පළමු ඉනිම වෙනුවෙන් කඬුලු 4 ක් දැවී ලකුණු 319 ක් රැස්කරගනිමින්.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ඩි්‍ර බල්බර්නි ලකුණු 95 ක් රැස් කළා. පෝල් ස්ටර්ලින්ග් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 74 ක්.

දිනය නිමාවන විට නොදැවී කඬුල්ලේ රැඳී සිටි ලෝකන් ටකර් ලකුණු 78 ක් ලබාසිටි අතර කර්ටිස් කැම්පර් ලබාසිටි ලකුණු සංඛ්‍යාව 27 ක්.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 95 කට කඩුලු 02 යි. අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින් දවා ගත්තා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයේ දෙවැනි දිනය හෙටයි.