Saturday, May 4, 2024

General line - 0115112241

සුඩානයේ පැය 72ක සටන් විරාමයක්




සුඩානයේ රජයේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් පැය 72ක සටන් විරාමයක් සඳහා එකඟ වූ බව අමෙරිකාව පවසනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ප්‍රකාශ කර ඇත්තේ දින 2ක සාකච්ඡාවලින් පසු සටන් විරාමයක් සඳහා දෙපාර්ශවය එකඟ වූ බවයි.

සුඩානය තුළ සිටින විදේශිකයන් ඉවත් කර ගන්නා තෙක් අදාළ කාල සිමාව තුළ සටන් විරාමයකට එළඹීමට දෙපාර්ශවය එලෙස එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අප්‍රේල් මස 15වනදා සිට සුඩාන හමුදා සහ හමුදා විරෝධී කණ්ඩායම් අතර පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 42කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

පවතින ගැටුම් හේතුවෙන් සුඩානයේ රෝහල් සේවා මෙන්ම අනෙකුත් සේවාවන් රැසක් අඩපණ වී තිබෙනවා.

පවත්නා තත්ත්වය හේතුවෙන් සුඩානය තුළ රැඳී සිටි සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් හා පුරවැසියන් ඉවත් කර ගැනීමට අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් පියවර ගත්තා.

කෙසේ වෙතත් සුඩානයේ වෙසෙන විදේශිකයන් ඉවත් කිරීමේ ක්‍රියාවලියටද යුධ ගැටුම් හේතුවෙන් බාධා එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.