Saturday, May 4, 2024

General line - 0115112241

රුපියල් මිලියන 84ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

ටී කේ ජී කපිල




කැනඩාවේ සිට මෙරටට එවා තිබූ රුපියල් මිලියන 84 ක් වටිනා ”කුෂ් ” නැමැති මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ ලක්සිරි භාණ්ඩ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය ලී පෙට්ටි දෙකක, ව්‍යාජ පතුල් තුළ සගවා කැනඩාවේ වාසය කරන ද්‍රවිඩ ජාතිකයෙකු විසින් යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකු වෙත එවා තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

එම ලී පෙට්ටි පිළිබඳව ඇති වූ සැකය මත පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ ඉතා සූක්ෂම ආකාරයට සඟවා තිබූ ”කුෂ්” නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

එම ලී පෙට්ටි භාර ගැනීමට පැමිණ සිටි පුද්ගලයා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.