Saturday, May 4, 2024

General line - 0115112241

විදේශ සේවා නියුක්ති කාර්යංශය පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය




1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්.

ඒ අනුව, නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

එම මාධ්‍ය හමුවේ තවත් තොරතුරු නෙත් නිවුස් දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.