සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු කිසිවකු නොදැවී ලකුණු 81 ක් රැස් කරගෙන සිටියා. ඒ, අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 492කට පිළිතුරු ලෙසයි.
අද දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 39ක් ලබා සිටි අතර නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියා.
ඒ අනුව, කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 411ක් පිටුපසින් සිටිනවා.
අයර්ලන්ත පළමු ඉනිමි වෙනුවෙන් කර්ටිස් කැම්පර් ලකුණු 111ක් රැස් කළ අතර පෝල් ස්ටලින් ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා.
එය ඔවුන් දෙදෙනාගේම මංගල ටෙස්ට් ශතක වීමද විශේෂත්වයක්. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 174කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයේ තුන්වන දිනය හෙටයි.