Sunday, April 28, 2024

General line - 0115112241

චීන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණෙයි




චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග්ෆු අද ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී හෙට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහායි.

එම හමුව සඳහා සහභාගී වන ලෙස ඉන්දියාව චීනයට ආරාධනා කර තිබුණා. චීනය එම ආරාධනය පිළිගත් අතර ඒ අනුවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා අද ඉන්දියාවට පැමිණ ඇත්තේ.

ගල්වාන් ප්‍රදේශයේ දේශසීමාව පදනම් කර ගනිමින් ඉන්දියාව සහ චීනය අතර පැවැති දැඩි මතභේදකාරී තත්ත්වයෙන් අනතුරුවයි චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ.

මෙම සංචාරය අතරතුර චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමග ද්විපාර්ශවික සාකච්ඡාවට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.