Sunday, April 28, 2024

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට යළි දරුණු ප්‍රහාරයක්




යුක්‍රේනය ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේනයේ ඩ්නිප්‍රෝ නගරය වෙත රුසියාව එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි. ප්‍රහාර සමග නගරය පුරා ගිනි ගැනීම් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.

ඒ හේතුවෙන් එම නගරයේ පිහිටි නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. ඒ අතර මහල් නිවාස 19 ක්, පෞද්ගලික නිවාස 25 ක්, පාසල් සහ ළදරු පාසල් හයක් සහ වෙළඳසැල් පහක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පැය කිහිපයකින් අනතුරුව යුක්‍රේනයේ කිව් අගනුවර ද ඇතුළුව රට පුරා ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් රුසියාව එල්ල කල කෲස් මිසයිල 18කින් 15ක්ම සාර්ථකව බිම හෙලූ බවයි යුක්රේන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.