Sunday, May 5, 2024

General line - 0115112241

සුඩානයේ ලක්ෂ 3කට අධික පිරිසක් අවතැන්




සුඩාන හමුදාව සහ එරට අතුරු හමුදාව අතර ඉකුත් 15 වනදා ආරම්භ වූ ගැටුම් හමුවේ මේවනවිට පුද්ගලයින් 100,000 කට අධික පිරිසක් සුඩානයෙන් පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ගැටුම් ඉක්මනින් අවසන් නොවන්නේ නම් සුඩානය තුළ ව්‍යවසනකාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. ගැටුම් හමුවේ සුඩානය තුළ තවත් පුද්ගලයින් 334,000ක් අවතැන් වී ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණ කළා. 

අවස්ථා කිහිපයකදී සටන් විරාම ප්‍රකාශයට පත් වුවද ඒවා නොතකා සුඩානයේ කාටුම් අගනුවර තුළ හමුදාව සහ අතුරු හමුදාව අතර තවදුරටත් දරුණු ගැටුම් පවතිනවා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුඩානයේ විශේෂ නියෝජිත වොල්කර් පර්තේස් පැවසුවේ ස්ථාවර සහ විශ්වාසදායක සටන් විරාමයක් සඳහා එළඹීමට දෙපාර්ශවය එකඟ වූ බවයි. සෞදි අරාබිය එහි මැදිහත්කාර පාර්ශවයක් ලෙස කටයුතු කරනවා.

සුඩානයේ හමුදාව සහ අතුරු හමුදාව සාකච්ඡා සඳහා එකඟවුවහොත් ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව දෙපාර්ශවය මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව එය වනු ඇති.