Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ඉරානය සබඳතා තර කර ගනී




ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මේදිනවල ඉරානයේ සංචාරයක නිරත වනවා. එහිදී ඔහු ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ද හමුවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී දෙරටේ ආර්ථික හා වාණිජ ක්ෂේත්‍රවල  සබඳතා නව තලයකට ගෙනයාම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ගෝලීය භූ-දේශපාලනික වෙනස්කම් සැලකිල්ලට ගැනීමේදී ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් වැනි කණ්ඩායම් ඉතා ඵලදායී විය හැකි බවයි ඉරාන ජනාධිපතිවරයා එහිදි ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාට පවසා ඇත්තේ.  

මේ අතර සිය සංචාරයේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ඉරානයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.