Sunday, May 5, 2024

General line - 0115112241

යුක්රේන දේශසීමාව ආසන්නයේ රුසියාවේ දෙවන දුම්රියත් පීලි පනී




රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යුක්රේන දේශසීමාව ආසන්නයේදී පීිලි පැනීමට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පිපිරීමකින් එම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ රුසියාවට එරෙහිව යුක්රේනය ප්‍රතිප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙමින් ඇති පසුබිමක් තුළයි.

එමෙන්ම දින 04 ක් තුළ පීලිපැනීමකට ලක්වූ රුසියාවේ දෙවන දුම්රිය මෙය වනවා.

මීට පෙර සැකකටයුතු ඩ්‍රෝන යානයක් මගින්  රුසියාව තෙල් ගබඩාවකට පහර දී ඇති බව ද වාර්තා වුණා.

අනතුරුව වාර්තා වුණේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර විදුලි රැහැන් පුපුරුවා හැර ඇති බවයි.

එමෙන්ම 2014 දී රුසියාව විසින් යුක්රේනයෙන් ඈඳා ගනු ලැබූ ක්‍රමියාව ඉලක්ක කර ඉකුත් දින කිහිපය පුරා ප්‍රහාර එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.