Monday, May 6, 2024

General line - 0115112241

AI ලෝකයට මාරාන්තික වෙයිද ?




කෘතීම බුද්ධිය හෙවත් AI භාවිතයෙන් මේ වන විට ව්‍යාජ ප්‍රවෘත්ති වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බව බ්ලූම්බර්ග්  වෙබ් අඩවිය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

කෘතීම බුද්ධිය මහජනයා විසින් බහුලව භාවිතා කිරීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස බොහෝ වෙබ් අඩවි නිර්මාණය කර ඇති අතර ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම NewsGuard විසින් AI chatbots විසින් ජනනය කරන ලද ප්‍රවෘත්ති වෙබ් අඩවි විශාල ගණනක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද මෙම වෙබ් අඩවි AI චැට්බෝට් භාවිතා කරමින් ව්‍යාජ ප්‍රවෘත්ති පළකර තිබෙන අතර ක්‍රමලේඛන දැන්වීම් ක්‍රියාත්මක කිරීමෙන් මගින් යම් ආදායමක්ද උපයා තිබෙන බවයි බ්ලූම්බර්ග්  වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

බ්ලූම්බර්ග් විසින් මෙම අනතරු ඇගවීමත් සමග ගුගල් ආයතනය මෙම වෙබ් අඩවි හරහා දැන්වීම් පළකිරීම ඉවත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.