Sunday, May 5, 2024

General line - 0115112241

පුටින් ඉලක්ක කර යුක්‍රේනයෙන් රුසියාවේ අගනුවරට ප්‍රහාර




ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතන තැතක් සර්ථකව ව්‍යර්ථ කළ බව රුසියාව පවසනවා. රුසියාව චෝදනා කළේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කළේ යුක්‍රේනය බවයි.

ඒ අනුව රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රෙම්ලිනය ඉලක්ක කර පහරදීම සඳහා ඩ්‍රෝන යානා දෙකක් පැමිණි බව රුසියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස පැමිණි ඩ්‍රෝන යානා වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි රුසියාව පවසා ඇත්තේ. ක්‍රෙම්ලිනය යනු රුසියාවේ ජනාධිපති මන්දිරයයි.

ප්‍රහාරය එල්ල කිරීමට ඩ්‍රෝන යානා පැමිණි අවස්ථාවේදී ජනාධිපති ව්ලැදිමීර් පුටින් ක්‍රෙම්ලිනය තුල සිටියේද නැද්ද යන වග රුසියාව මෙතෙක් ප්‍රකාශ කර නැතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ක්‍රෙම්ලිනය පවසන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරක්ෂිතව සිටින බවයි. ඔහුගේ දෛනික කටයුතු පෙර සැලසුම් කළ පරිදිම සිදුවන බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබෙනවා.