Sunday, May 5, 2024

General line - 0115112241

ආරක්ෂක අමාත්‍යවරයාට පසු චීන විදේශ ඇමතිත් ඉන්දියාවට එයි




ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. ඒ, ඉන්දියාවේ ගෝවා හිදීයි.

එම හමුවට සහභාගී වීම සඳහා චීන විදේශ අමාත්‍ය කින් ගැන්ග් ඉන්දියාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය පවසන පරිදි චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණිම, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබෙනවා.

එහිදී විදේශ අමාත්‍ය කින් ගැන්ග් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනු ඇති බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයාට පෙර එරට ආරක්ෂ අමාත්‍ය ලී ෂැන්ග්ෆු ද ඉකුත් සතියේදී ඉන්දියාවට පැමිණ තිබුණා. ඒ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහායි.

කෙසේවෙතත් චීනයේ රජයේ ඉහළ නිලධාරීන් මෙලෙස ඉන්දියාවට පැමිණෙමින් සිටින්නේ දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් මාස කිහිපයකට පෙර දෙරට අතර ගැටුම් ද පැවැති පසුබිමක් තුළ වීම විශේෂත්වයක් බව ජාත්‍යන්තර විචාරකයන් සඳහන් කළා.