Tuesday, April 30, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ  නව රජුට එරෙහිව විරෝධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට




බ්‍රිතාන්‍යයේ  තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වෙන අවස්ථාවේ ලන්ඩනයේ සහ ඉන් පිටත නගරවල විරෝධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවේ ඔවුන් අගනුවර තුළදී විරෝධතාකරුවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර බ්‍රිතාන්‍යයේ  රාජාණ්ඩු විරෝධී කණ්ඩායමේ ප්‍රධානීන් කිහිපදෙනකු ද වන බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු විරෝධතාකරුවන් පිරිසට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය සඳහන් කළා.

විරෝධතාකරුවන් මහජනතාව සහ අගනුවර කටයුතු සඳහා බාධා වන අයුරින් කටයුතු කිරීම හමුවේ ඔවුන් අත්අඩංගුවට ගැනුනු බවයි පොලීසිය පවසන්නේ.

කෙසේවෙතත් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.