Tuesday, April 30, 2024

General line - 0115112241

මීළඟ ජනරජ දිනයේදී ඉන්දියාවෙන් කාන්තාවන්ට විශේෂ වරප්‍රසාදයක්




ලබන වසරේ පැවැත්වෙන ජනරජ දිනයේදී කාන්තාවන් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ඒ අනුව, ජනරජ දින පෙළපාලියට සහභාගීවන පාගමන් කණ්ඩායම් සහ තූර්ය වාදක කණ්ඩායම් සඳහා මෙන්ම ඊට සමගාමීව පැවැත්වෙන සියලු ප්‍රසංග සඳහා කාන්තාවන් පමණක් සහභාගී කර ගැනීමටයි ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත්තේ.

රටෙහි හමුදාව සහ අනෙකුත් අංශවල කාන්තාවන් නියෝජනය සහ බල ගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ එක් අදියරයක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද සඳහන්.

කාන්තා නියෝජනය ඉහළ නංවා එළඹෙන ජනරජ දිනයේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට සහ රජයේ දෙපාර්තමේන්තු වෙත මේවන විටත් ඉන්දීය රජය උපදෙස් නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ඉන්දියාවේ ජනරජ දිනය ජනවාරි 26වනදාට යෙදී තිබෙනවා.