Tuesday, April 30, 2024

General line - 0115112241

චීන නැව් සහ ගුවන් යානා යලිත් තායිවානය දෙසට




චීන මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 07ක් සහ සබ්මැරීන නාශක හෙලිකොප්ටර් යානයක් තායිවානය ආසන්නයට පැමිණ තිබෙනවා.
 
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ ඵම චීන ගුවන්යානා සහ හෙලිකොල්ටර් යානය එරට නිරිත දිග ගුවන් ආරක්ෂණ හදුනාගැනීමේ කලාපය වෙත ඇතුළු වූ බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් සිය ගුවන් යානා සහ නෞකා මෙන්ම ගොඩබිම පදනම් කරගත් මිසයිල පද්ධතියක්ද චීන යානා නිරික්ෂණ කටයුතු සදහා යෙදවූ බවයි තායිවාන ආරක්ෂණ අමාත්‍යාංශය සදහන් කළේ.

මෙම මාසයේ ගතවූ දින 07ක කාලය තුල චීනය විසින් සිය රට දෙසට හමුදා ප්‍රහාරක යානා 74ක් සහ නෞකා 27ක් යොමු කර ඇතැයි ද තායිවාන ආරක්ෂණ අමාත්‍යාංශය සදහන් කළා.

තායිවානයට දේශපාලන, හමුදාමය සහ ආර්ථිකමය වශයෙන් බලපෑම් එල්ල කරන චීනය මේ වන විට එම තත්ත්වය ඉහළ නංවා ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

තායිවාන ජනාධිපතිනි සායි ඉන්වෙන්ගේ ඇමෙරිකානු සංචාරය ඊට ප්‍රධාන හේතුවක් බවද ඔවුන් පවසනවා.