Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකාවේ මෝටර් රථ අනතුරකින් හත්දෙනෙකු මරුට




අමෙරිකාවේ, බ්‍රවුන්ස්විල් නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් බස් නැවතුමක් අසල රැදී සිටි පිරිසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ නිවාස අහිමි වූවන් සහ සංක්‍රමණිකයන් රැදී සිටින නවාතැනක් ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරූ බවයි එරට පොලීසිය පවසන්නේ.