Tuesday, April 30, 2024

General line - 0115112241

බෝට්ටුවක් පෙරලි 20ක් මරුට 




ඉන්දියාවේ කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ ටනූර් ප්‍රදේශයට ආසන්න මුහුදේදී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ අතර ළමුන් සහ කාන්තාවන් කිහිපදෙනෙකුද සිටින බවයි.

විනෝද චාරිකාවක් සඳහා එක්ව සිටි පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් මෙලෙස පෙරලි තිබෙනවා.

අනතුරෙන් දිවි බේරා ගත් පිරිස  පෞද්ගලික සහ රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම බෝට්ටුව පෙරළීයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් විපතට පත්වූවන්ට  අගමැති නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කර ඇති අතර ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි මුදලක් ලබා දීමටදඉන්දීය අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.