Tuesday, April 30, 2024

General line - 0115112241

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මුල පුරමින් කැනඩාව චීන නිලධාරියෙකු නෙරපා හරියි




චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට කැනඩාව මුල පුරා තිබෙනවා. 

ඒ, එරට සිටින චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හරිමින්. කැනඩාව පවසන්නේ සාඕ වෙයි නමැති අදාළ නිලධාරියා, චීනයේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු වන කැනඩාවේ විපක්ෂ ව්‍යවස්ථාදායකයෙකු බියගැන්වීමේ ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති බවයි.

රටේ අභ්‍යන්තර කටයුතු සඳහා සිදුකරන විදේශීය මැදිහත්වීම් කිසිසේත් නොඉවසන බවයි කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී සඳහන් කළේ.

එමෙන්ම එවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හරින බවට සිය රටේ සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අනතුරු අගවා ඇතැයි කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා.