Sunday, April 28, 2024

General line - 0115112241

ආපදා සහිත ප්‍රදේශවල නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි




දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්වන  ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා  සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත එම පියවර ගෙන ඇත්තේ ගිං ගඟ හා නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල හටගෙන ඇති ජල ගැලීම් තත්වයන් සැලකිල්ලට ගෙනයි.

ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත අමතර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කිරිමට කටයුතු සූදානම් කර ඇති බවද නාවික හමුදාව සදහන් කළා.