Sunday, April 28, 2024

General line - 0115112241

පානදුරේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට




පානදුර දකුණ, මෝදරවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සැකකාරිය සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 240 ක් සොයාගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පානදුර සහ අවට ප්‍රදේශවල ගංජා ජාවාරමේ නිරත වූ සැකකරුවන් හතර දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර, එළුවිල, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

කුඩා ප්‍රමාණයේ ගංජා ඇසුරුම් කළ පාර්සල් විදුලි කණු, දුරකතන කණු ආදී ස්ථානවල සගවා සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එම සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.