Thursday, November 30, 2023

General line - 0115112241

තීරණාත්මක තනතුරුවලට දූෂිත පුද්ගලයින් පත් කරන්න එපා



තීරණාත්මක තනතුරුවලට දූෂිත පුද්ගලයින් පත් නොකිරීම මේ වන විට රට පත්ව ඇති සුබදායි බව හැඟෙන තත්ත්වයට හේතුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.  

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

කෙසේවෙතත් සැබෑ ප්‍රශ්ණයට මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෝටි 18,000 ක ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.