Sunday, April 28, 2024

General line - 0115112241

රත්‍රං කිලෝ තුනහමාරක් හොර පාරෙන් ගෙන ආ මන්ත්‍රී රේගු දැලේ (UP DATE)




නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඩුබායි සිට අද උදෑසන 09 යි 30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති සැකකාර මන්ත්‍රීවරයා කිලෝ තුනහමාරක් පමණ බරැති රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කර ඇති අතර එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වනවා.

කටුනායක ගුවන් තොටුපළේ රාජකාරී කළ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදීයි.

මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය හරහා පිට කිරීමට තැත් කිරීමේදී රත්‍රං තොගයක් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව වනවා.

සැකකාර අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා දිගු කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.   

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් ද එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.