Sunday, April 28, 2024

General line - 0115112241

මැයි 09 සිද්ධිය ගැන පෙත්සම ඉල්ලා අස්කර ගත් හේතු බන්දුල හෙළි කරයි




මැයි 09 සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම සිද්ධියට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

පසුගිය වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනුණේ ඊයේ දිනයේදීයි.