Sunday, April 28, 2024

General line - 0115112241

සුබසාධක ප්‍රතිලාභ ජූලි සිට බැංකු ගිණුමට




අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබාදෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට ඍජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොද ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති බී විජේරත්න පැවසුවේ සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබාගැනීමට යාමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.