Saturday, April 20, 2024

General line - 0115112241

නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්

රංජිත් රාජපක්ෂ




නීති විරෝධි මත්පැන් ජාවාරමක් වැටලීිම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් ඩයගම පොලිසියේ ජිප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම ජීප් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇති බවයි ඩයගම පොලීසිය පැවසුවේ.

ඩයගම නැගෙනහිර ප්‍රදේශයේ නීිති විරෝධි ලෙස පෙරූ මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සදහා ගිය අවස්ථාවේදීයි එම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

එහිදී එම ප්‍රදේශයට ඇතුල් වන මාර්ගයේදි සැගව සිටි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්, ධාවනය වෙමින් තිබු ජිප් රථයට ගල් ප්‍රහාරය එල්ල කළ බවටයි ඩයගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.