Thursday, March 28, 2024

General line - 0115112241

දකුණේ පාතාලය යළි නැගිටියි - නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුටත් වෙඩි ප්‍රහාරයක් (VIDEO)

දීපාල් ද සිල්වා




අම්බලන්ගොඩ ප්‍රදේශයේ යලිත් පාතාල ක්‍රියා හිස ඔසවා තිබෙනවා.

එහි නවතම සිදුවීම වාර්තා කරමින් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වෙඩි තැබීම් දෙකක් සිදුවුණා.

එක් වෙඩි තැබීමක ඉලක්කය වී තිබුණේ අම්බලන්ගොඩ ජනප්‍රිය පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. අම්බලන්ගොඩ පොලීසියත්, බලපිටිය උසාවියත් අතර ප්‍රදේශයේදී අද උදෑසන 7ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබණා.

ගාලුපාරේ යතුරුපැදියකින් අම්බලන්ගොඩ සිය විද්‍යාලයට ගමන් කරමින් සිටි එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ.

වෙඩි වැදුණු නියෝජ්‍ය විදුහල්පතිවරයා අම්බලන්ගොඩ පොලිසිය තුළටම යතුරුපැදිය පදවාගෙන දිවි බේරාගෙන ඇති නමුත් බරපතල තුවාල ලැබු ඔහු පොලීිසිය විසින් බලපිටිය  මුලික  රෝහලට ඇතුලත්කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් වාර්තාකරු දීපාල් ද සිල්වා එම ස්ථානයේ සිට ගෙන එන වාර්තාවක් මේ.

 

අනෙක් වෙඩි තැබීම සිදුව තිබුණේ අම්බලන්ගොඩ, ආඳාදොල ප්‍රදේශයේදීයි. 

ඒ, යතුරුපැදිකරුවෙකු ඉලක්කර ගනිමින්.

අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 10 යි 30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

කෙසේවෙතත් වෙඩි ප්‍රහරයෙන් යතුරුපැදිකරුට හානියක් සිදුව නොමැති බවත්, යතුරුපැදියට වෙඩි වැදි ඇති බවත් පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩිතබා පලාගොස් තිබුණා.

මෙම වොඩ තැබීමට පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.