Friday, April 19, 2024

General line - 0115112241

දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු යකා නටා ජපානය කැළඹෙයි




ජපානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ පිහි ඇණුමකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ එරට නාගානෝ ප්‍රාන්තයෙන්.

සැකකරු කාන්තාවකට පිහියකින් ඇණ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පළමුව වෙඩි තබා තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ජපානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු බවයි අනාවරණ කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට බලපෑ හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔහුගේ පියා ජපානයේ නකානෝ නගර සභාවේ කතානායකවරයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජපාන මාධ්‍යය අද දැඩි අවධානයක් යොමුකර තිබුණා.

ඒ, ජපානයේ වෙඩි තැබීම් සහ පිහි ඇණුම් දුර්ලභ සිද්ධීන් වීම හේතුවෙන්.

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම අතිශය දුර්ලභයි.

මීට පෙර පොලිස් නිලධාරීන් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණේ වසර 30 කට පෙරයි.

ඉකුත් වසරේ ජූලි මාසයේදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ඝාතනය වූයේද වෙඩි ප්‍රහාරයකින්.