Thursday, April 25, 2024

General line - 0115112241

හෙද හෙදියන් බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර




හෙද සේවාව සදහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සදහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ පරික්ෂණ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සිසු හෙද හෙදියන් පිරිස තෝරා ගෙන තිබෙනවා.

මෙම තෝරාගත් සිසු හෙද හෙදියන්ට මෙරට හෙද විද්‍යාල 16 ක දී පුහුණුව ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ වනවිටත් නවක හෙද සිසු සිසුවියන් බදවා ගැනීම සදහා යම් කාලයක් ගතව ඇති නිසා එම බඳවා ගැනීම් තවදුරටත් පමා නොකර කඩිනමින් සිදු කිරිමට පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.