Wednesday, May 1, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා වෙනුවෙන් යටිහෙළගලදී නේක විධ පිංකම්




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මහනුවර යටිහෙලගල රජමහා විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

අද දිනයේත් ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් එම විහාරස්ථානය වෙත පැමිණියා.

එහි නවතම  තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 
 

මේ මස 15 වනදා ධාතූන් වහන්සේ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු කෙරෙනවා.

එදින සිට ජුනි 19 වනදා දක්වා එම විහාරස්ථානයේදි ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට සැදැහවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර අනුග්‍රාහකත්වය ලබාදෙනවා.