Wednesday, May 1, 2024

General line - 0115112241

අයි සී සී දඩ නිසා ඉන්දීය ක්‍රීඩකයෙක් ණය වෙයි




ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයේදී සිය දැවී යාම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පල කළ ඉන්දීය ක්‍රීඩක ශූබ්මන් ගිල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩයක් පනවා තිබෙනවා.

එම තරඟයේ දෙවනි ඉනිමේදී ලකුණු 18ක් ලබා සිටියදී ඔහු උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

කෙසේ වෙතත් එම තිීරණය තුන්වන විනිසුරු වෙත යොමු කෙරුණු අතර එහිදී තෙවනි විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා.

එම තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීම හේතුවෙන් ශූබ්මන් ගිල්ට සම්පූර්ණ තරඟ මුදලෙන් සියයට 15ක දඩයක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. 

මෙම තරඟයේදී නියමිත කාලය තුළ ගෙවිය යුතු පන්දුවාර ගණන නොයැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරඟ මුදලෙන් සියයට සීයයක් සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට සියයට 80ක දඩයක්ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණා.

ඒ අනුව ශූබ්මන් ගිල්ට මෙම තරඟයේ තරඟ මුදලින් සියයට 115ක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා.