Friday, May 10, 2024

General line - 0115112241

පළමු මාස හතරේ අපනයන ආදායම පහළට - ආනයන වියදම ඉහළට




මෙම වසරේ මුල් මාස 04 තුළ ආනයන සඳහා ඩොලර් බිලියන 5 යි දශම 3 ක මුදල් ප්‍රමාණයක් වැයකර ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්වවිදයාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම කාලය තුළ අපනයනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 3 යි 8 ක මුදලක් උපයා ඇති පසුබිමක් තුළ ආනයනය සඳහා එලෙස වැඩි මුදලක් රජය විසින් වැයකර ඇති බවයි.

එවන් පසුබිමක් තුළ අපනයන ආදායම වැඩි කරමින් ආනයන වියදම් අඩුකර ගැනීමට රජය කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

මේ අතර ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල කැපීපෙනෙන අගයයකින් ඉහළ ගියා.

ඒ අනුව ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 303 යි ශත 19 ක් හා විකිණුම් මිල රුපියල් 318 යි ශත 99 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

ඇතැම් මෙරට වාණිජ බැංකුවල ඊයේ දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 320 සීමාවද ඉක්මවා ගොස් තිබුණා.  

එය ඉකුත් මැයි 16 දිනෙන් පසු අමෙරිකානු ඩොලරය වෙනුවෙන් වාර්තා වූ වැඩිම අගය ලෙසටයි වාර්තා වන්නේ.