Friday, May 10, 2024

General line - 0115112241

 කලකට පසු යූරියා පොහොර අද සිට 9,000 ට




අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහළ ගියද මෙතෙක් පොහොර, කෘමිනාශක හා වල්නාශකවල මිල ගණන් මෙතෙක් අඩුකර නැතැයි ගොවීන් චෝදනා කරනවා.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පොහොර අලෙවිසැල්වලදී ඒවා විවිධ ඉහළ මිල ගණන් යටතේ  අලෙවි කරන බවයි.

පොහොර ලබාගැනීම සඳහා ගොවීන් සියයට 35 කට මෙතෙක් වවුචර්පත් ලබාදී නොමැති බවටද මෙහිදී චෝදනා කළා.

 

මේ අතර යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 9,000 මිලක් යටතේ අද සිට ගොවීන්ට මිලදීගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කළා.

ඊට අදාළ තීරණ ගැනීමට මිල කමිටුව ඊයේ රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබුණා. පසුගියදා මෙටි්‍රක් ටොන් 31,500 ක් රැගත් යූරියා පොහොර නෞකාවක් ද දිවයිනට පැමිණියා.

එම යූරියා තොග අදාළ ප්‍රදේශවලට මේ වන විට යොමුකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.