Friday, September 20, 2024

General line - 0115112241

ඩොලර් 15,000 ‘වයිබර්‘ පණිවුඩය ඔබටත් ලැබුණාද?ඇත්ත නැත්ත මෙන්න දැනගන්න



ඊයේ (17) දිනයේ දී මෙරට බොහෝ වයිබර් පරිශිලකයන්ට ඔවුන් ‘Win viber 2016′ නම් තරගයකින් දිනා ඇති බවට ජාත්‍යන්තර දුරකතන අංකයකින් වයිබර් පණිවුඩ ලැබී තිබුණා.මෙම පණිවුඩයේ සඳහන්ව තිබුණේ මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සමාගමක ප්‍රධානියෙකු විසින් මෙම පණිවුඩය එවූ බවකි.

ඔබ ඇමරිකානු ඩොලර් 15,000 ක ත්‍යාග මුදලක් දිනා ඇති බවත්, අදාළ ත්‍යාගය ලබා ගැනීම සඳහා පණිවුඩයේ දක්වා ඇති ජාත්‍යන්තර දුරකතන අංකවලින් එකකට ඇමතුමක් ගන්නා ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සේවා සමාගම සිය ග්‍රාහකයින් වෙත කෙටි පණිවුඩයකින් දන්වා ඇත්තේ අදාළ වයිබර් පණිවුඩය හඳුනා නොගත් පාර්ශවයක් විසින් සිදුකරන ලද වංචනික ක්‍රියාවක් බවයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මේ සම්බන්ධව දක්වමින් කියා සිටින්නේ සංවිධානාත්මක පිරිස් විසින් මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරනු ලබන බවයි.

තවද යම් හෙයිකින් අදාළ පණිවුඩයේ දක්වා ඇති දුරකතන අංකයකට ඇමතුමක් ගතහොත් ඒ සඳහා විශාල ඇමතුම් ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත්,එහිදී අයකරනු ලබන ඇමතුම් ගාස්තුවෙන් විශාල පංගුවක්
එනම් සාමාන්‍ය ඇමතුම් ගාස්තුව මෙන් සියගුණයක පමණ ගාස්තුවක් මෙම සංවිධානාත්මක පිරිස් වෙත ලැබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

2016_08_18_13.10.43

2016_08_18_13.17.20